පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ

Local

මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, පුදුමාතලන් ප්‍රදේශයේ ධීවර වාඩියක් අසළ වැලි යට සඟවා තිබියදී මෙම හක් බෙල්ලන් තොගය එලෙස සොයා ගත් බව ය.

ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලිමීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක් බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.

Related Articles


READ MORE:  ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි