පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සලකා බැලීම ජූලි 31 වන දා දක්වා කල් තැබිණි.
ඒ, මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය.
තමා අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි 29 වන දා ය.
ඒ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමිනි.
Related Articles
පාස්කු ප්රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
හක්මීමන බැංකුවක කොල්ලයක්
මන්ත්රීන්ට ලක්ෂ 2ක දීමනාවක් ලබා දීමට කළ යෝජනාව ජනපති ප්රතික්ෂේප කරයි
මත්ද්රව්ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
කොකේන් බවට සැක කරන මත්ද්රව්ය ග්රෑම් 983ක් නාවික හමුදා භාරයට
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්යවස්තාව වෙනස් කරලා - මහින්ද
