ජීවිත රැසක් අහිමි කරමින් කඩා වැටුණු ගොඩනැගිල්ල කාම්බෝජ අගමැති නිරීක්ෂණය කරයි

World

කාම්බෝජයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ හානිය එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා නිරීක්ෂණය කර තිබේ.

පසුගිය සෙනසුරාදා (22) මහල් 7කින් සමන්විත ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටිණි.

අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිහනොක්විල් ප්‍රදේශයේ වෙරළබඩ නගරයක පිහිටි චීන ඉදිකිරීම් සමාගමකට අයත් භූමියක මෙම අනතුර සිදු වී ඇති අතර ඉන් මිය ගොස් ඇත්තේ එම සමාගමේ ම සේවකයින් පිරිසකි.

අනතුර සිදු වන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිටි සේවකයින් නිදා සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරින් ජීවිත බේරා ගත් කිසිදු පුද්ගලයෙකු මේ දක්වා හමු නොවූ බව ය.


READ MORE:  ISIS shift in strategy may threaten India, Sri Lanka, warns Indian intel