ට්‍රම්ප් කොරියානු දේශසීමාවේදී උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවෙයි

World

Donald Trump and Kim Jong-un step back over the border into the Demilitarised Zone South Korea
Donald Trump and Kim Jong-un step back over the border into the Demilitarised Zone South Korea

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරියානු රාජ්‍යන් දෙක අතර දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදී අද (30) උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණගැසුණේය.

එහිදී එකිනෙකාට අතිනත දී සුහදත්වය පළ කෙරුණු අතර, ඇමරිකානු ජනාධිපතිවරයා සුළු වේලාවකට දේශසීමාව තරණය කොට උතුරු කොරියානු භූමියට පිවිසීමද විශේෂත්වයක්.

අමෙරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියාවට පැමිණියේ ජපානයේ ඔසාකා නුවර පැවති ජී – 20 සමුළුව අවසන් කරමිනි.

ජනපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණගැසීම සඳහා කළින් සැළසුම් කර නොතිබූ අතර, ඔහු හමුවීමේ සැළසුම් ප්‍රකාශයට පත් කළේ ට්විටර් පණිවුඩයක් මගින්.

පසුව ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව ධවල මන්දිරය සහ උතුරු කොරියාව මගින්ද සනාථ කළේය.

විදෙස් වාර්තා පවසන්නේ ධුරයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකු යුද මුක්ත කලාපය හරහා උතුරු කොරියානු භූමියට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය බවයි.

එම හමුවෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා දේශසීමාව හරහා දකුණු කොරියානු භුමියට පැමිණි අතර එහිදී ඔහු පිළිගැනීමට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද පැමිණ සිටියේ ය.

South Korean President Moon-Jae-in shakes hands with Kim Jong-un at the border alongside Donald Trump
South Korean President Moon-Jae-in shakes hands with Kim Jong-un at the border alongside Donald Trump

ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පැවති සාකච්ඡාවේදී උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරය වෙත පැමිණෙන ලෙස ආරාධනාවක් කර ඇත.

නායකයන් දෙදෙනා උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පළමු සමුළුව සිංගප්පූරුවේ පැවැත්වූ අතර, වියට්නාමයේ පැවති දෙවන සමුළුව එකඟතාවකින් තොරව අවසන් විය.


READ MORE:  ඇමෙරිකාවේ වෙඩිතැබීම්: පැය 24ක් ඇතුළත සිදුවීම් දෙකක්