පරිසර හානි වාර්තා කළාට ජීවිතයෙන් වන්දි ගෙවූ මාධ්‍යවේදියෝ

Features

භයානක අතින් යුද වාර්තාකරණයට පමණක් දෙවැනි වන අංශය ලෙස පරිසර ජනමාධ්‍යවේදය සැලකේ.

යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ වරප්‍රසාදය ලත් පරිසරයක සිට පාරිසරික ජනමාධ්‍යකරණයේ යදෙන සුළුතරයක් හැරණු විට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන පෘතුවියෙන් ලබා ගන්නා සම්පත් ස්වල්පයක් මත බලය හා ධනය මත රඳා පවතින රටවල් බහුතරයක පාරිසරික ජනමාධ්‍යවේදීන්ට අත්වන ඉරණම දුක්ඛදායක ය.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම පිළිබඳ කමිටුව නමැති අන්තර්ජාතික සංවිධානය වාර්තා කරන පරිදි පරිසරය පිළිබඳ ලිපි සැකසීමේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් 13 දෙනෙකු පමණ පසුගිය වසර 10 තුළ ඝාතනය කර තිබේ.

එම කමිටු වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන ආකාරයට‍ මාධ්‍යවේදීන්ට එරෙහි භීෂණය දැඩි ලෙස ක්‍රියාත්මක නොවෙතත් ඉතාලියේ හා බල්ගේරියාවේ මාධ්‍යවේදීහු අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වී තිබේ.

ස්පාඤ්ඤ පොලීසිය ඔවුන් විහිළුවට ගන්නා අතර ප්‍රංශයේදී ආගමික අන්තවාදීන්ගෙන් ගැටලු ඇති වේ.

මාධ්‍යවේදීන් මුහුණ දෙන මෙවන් ගැටලු විසඳීමට අපොහොසත් වීම නිසා යුරෝපා සංගමයට අයත් රටවල පමණක් නොව එයින් පිටත රටවලත් මාධ්‍ය නිදහස සුරක්ෂිත නොවන බව ඔවුන්ගේ අදහසයි.

අසීමිත බලයකට ආසන්න වීමත් පහර දෙනු ලැබීමට, අපයෝජනය වීමට හා තර්ජන එල්ල වීමට හේතුවකි.

රුසියාවේ මොස්කව්හි සිට සෙන් පීටර්ස්බර්ගග් දක්වා වනාන්තරය තුළින් දිවෙන මාර්ගයක් ඉදිකිරීමෙන් ඇති වන අනිසි බලපෑම් පිළිබඳ හෙළිදරව් කළ රුසියානු ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම එබඳු අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු විය.

ඇමේසන් වනාන්තරය ආක්‍රමණය කරන සෝයා බෝංචි වගාව පිළිබඳව වාර්තා කළ බ්‍රසීලියානු ජනමාධ්‍යවේදීන්ට ද ඒ හා සමාන අත්දැකීම් ලැබී තිබේ.

ගාඩියන් පුවත්පත වෙත ග්‍රීන් බ්ලඩ් යන සිරස්තලය ඔස්සේ ආකර කැණීම් හේතුවෙන් ඇති වන අහිතකර බැලපෑම් පිළිබඳ නව ලිපි මාලාවක් සපයමින් අනාවරණය කරන්නට උත්සහ කළ ටැන්සානියානු මාධ්‍යවේදීන්ට ද එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදු විය.

මාධ්‍යවේදීන්ට තොරතුරු මූලාශ්‍ර වශයෙන් කටයුතු කරන වැඩි දෙනෙක් පරිසර ක්‍රියාකාරීහු වෙති.

ඔවුනට ද මේ තර්ජනය මාධ්‍යවේදීන්ට නොඅඩු මට්ටමකින් එල්ල වී තිබේ.

ග්ලෝබල් විට්සන් රිපෝර්ට් නමැති වෙබ් අඩවියට අනුව කෘෂි ව්‍යාපාර හා කැණීම් ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වූ පාරිසරික ක්‍රියාකාරීහු 207 දෙනෙක් 2017 වසරේදී ඝාතනය වූහ.

ඒ පිළිබඳව ගැඹුරු සොයා බැලීමක් කරන්නට සිතන අනෙක් මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක් වශයෙන් මෙම ඝාතන යොදා ගෙන ඇතැයි වාර්තා වේ.

පාරිසරික මාධ්‍යවේදියෝ කිසියම් හෝඩුවාවක් පසුපස යමින් පරිසරයට හානිකර ක්‍රියාකාරකම් හෙළි කරන්නේ ගැටලුවක මුලට ගමන් කරමිනි.

එවැනි ගැටලුවක මුල සොයා ගත් විට ඒවාට සම්බන්ධව සිටින්නේ දේශපාලනඥයින් නැතහොත් සමාජයේ බලවත් ව්‍යාපාරිකයින් හෝ වෙනත් බලවතුන් ය.

මාධ්‍යවේදියාගේ ගැටලුවලට ඔවුන් සතුව පිළිතුරු තිබෙන නමුත් ඒවා පළ කිරීමට අවකාශ නොලැබේ.

READ MORE:  ඇමරිකාවේ ඒරියා 51 ෆේස්බුක් ප්‍රචාරය: "ඇතුළුවෙන්න උත්සහ කරන්න එපා"

නැතහොත් එම තැනැත්තෝ එවැනි ගැටලුවලට පිළිතුරු දීම දක්ෂ ලෙස මග හරිති.

පරිසරයට වින කරන්නන් වශයෙන් වැඩි පුරම වාර්තා වී තිබෙන්නේ බටහිර සමාගම් ය.

බොහෝ විට කොටස් වෙළෙඳපොළේ ඉහළ අගයක් හිමි සමාගම් කර්මාන්තශාලා ආදිය පිහිටි ස්ථානයට නැතහොත් පාරිසරික හානිය සිදු වන ස්ථානයට සපුරාම වෙනස් රටක හෝ මහද්වීපයක ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති මෙවැනි සමාගම් මගින් සෘජුව හෝ වක්‍රම එම ගැටලුකාරී ස්ථානවල සිදු කරන නිපැයුම් මිලදී ගන්නා බව වාර්තා වේ.

ඛනිජ, දැව හා කැණීම් මගින් ලබා ගන්නා සම්පත් හේතුවෙන් එම සම්පත් ලබා ගන්නා රටේ හෝ ස්ථානයේ පොදු ජල මූලාශ්‍ර ගංගා දිය ඇළි ඇතුළු වනාන්තර ආදියත් හානියට ලක් වේ.

පාරිසරයට හානි පමුණුවන ව්‍යාපාර හා සබැඳි කටයුතුවලදී මාධ්‍ය සීමා කිරීම විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම හා පුද්ගලික වුවමනා එපාකම් මත රජයේ නීති සැකසීම ආදිය බහුලව දක්නට ලැබේ.

කම්හල්වලින් සිදු වන පාරිසරික හානි ගැන අවධානයෙන් සිටින්නේ ද පරීක්ෂා කරන්නේ ද මාධ්‍යවේදියෝ වෙති.

මානව අයිතිවාසිකම් හා මාධ්‍ය නිදහස එකිනෙක හා සම්බන්ධිත ය.

ඕනෑම ක්ෂේත්‍රයකදී මාධ්‍යවේදීන්ට හා පරිසර ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වීමම එතන යම් කිසි අගතියක් ඇති බවට සංඥාවකි.

ව්‍යාපාර හා ආර්ථික කටයුතු දේශපාලන අරගල, මැර ක්‍රියාකාරකම් හා වංචා දූෂණ ආදී අක්‍රමිකතා හා පරිසර ගැටලු අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයකි.

දියුණුවන රටවල මූල්‍ය ව්‍යාපාර වර්ධනය සඳහා උදව් කරන ලෝක බැංකුව එහි සහය ලබන ආයතනවල ක්‍රියාකාරිත්වය නිසා මිනිසුන්ට හා පරිසරයට සිදු වන හානි අවම කිරීමට උපදෙස් මාලාවක් නිකුත් කර ඇතත් බොහෝ අන්තර්ජාතික හා ජාතික බැංකු එවැනි ක්‍රියාමාර්ග ගෙන නොමැත.

ඒ හේතුවෙන් වැසි වනාන්තරයක් තුළින් බුල්ඩෝසරයක් ගෙන යාම වැනි කටයුතු සඳහා ඉඩ පෑදී තිබේ‍.‍‍

හොන්ඩුරාස්, කොළොම්බියා හා ග්වාතමාලාව එවැනි දේ සිදු වූ රටවල් කිහිපයකි.

තර්ජනවලට නොසැලී දිගින් දිගටම සිය කාර්යභාරය සිදු කරන මාධ්‍යවේදීන් ඝාතනය වීමත් සුලභ වී ඇත.

උතුරු ඉන්දියාවේ වැලි ගොඩදැමීමෙන් සිදු වන හානි ගැන ගවේෂණාත්මක ලිපි ලියූ නිදහස් මාධ්‍යවේදියෙකු වූ ගජේන්ද්‍ර සිං 2015දී ඝාතනය කෙරිණි.

ගර්රා නදියේ කළ අනවසර වැලි ගොඩදැමීම් හා භූමිය අල්ලා ගැනීම ගැන ඔහු වාර්තා කළේ ය.‍

දේශපාලනඥයින්, මැරයින් හා පොලීසිය ඔහු පසුපස පැමිණෙන බවත් ලියූ දේවල් නිසා ජීවිතය අනතුරේ බවත් ඔහු මිය යාමට පෙර තැබූ සමාජ මාධ්‍ය සටහනක දැක්වේ.

Jagendra Singh

වැලි ටොන් බිලියන 50ක් පමණ වාර්ෂිකව ඉදිකිරීම් කර්මාන්තයට සපයන අතර ලෝකයේ බොහෝ රටවල වැලි ගොඩදැමීම තහනම් කර ඇත්තේ ඛාදනය, ගංවතුර තර්ජන හා නොසැලකිය හැකි වෙනත් හානි හේතුවෙනි.

READ MORE:  Apple CEO Tim Cook's best advice for college graduates in 2019

ඔහු මිය යාමට හේතුව නම් මැරයින් පිරිසක් විසින් ඔහුගේ නිවසට කඩාවැදී ඔහුගේ ඇඟට පෙට්‍රල් හළා ගිනි තැබීම ය.

එයින් ඔහු දරුණු ලෙස තුවාල ලැබී ය.‍

පොලීසිය කියා තිබුණේ ඔහු සියදිවි නසා ගත් බව ය.

දියණිය වෙනුවෙන් මංගල තෑග්ගක් ලබා දෙන මුවාවෙන් පවුලේ අය නිහඬ කිරීම සඳහා මිලියන 3ක් ලබා දී ඇත.

සිංගේ මරණයෙන් පසු වැලි ගොඩදැමීම ගැන ලියූ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන කරුන් මිස්‍රා 2016 පෙබරවාරියේ සහ සංදීප් ශර්මා 2018 මාර්තුවේ ඝාතනය වූහ.

මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පාරිසරික ජනමාධ්‍යවේදය පිළිබඳ නයිට් මධ්‍යස්ථානයේ සභාපතිවරයා මෙන්ම ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ද වන එරික් ෆ්‍රීඩ්මාන් මහද්වීප 5ක ජනමාධ්‍යවේදීන් සමග ගැඹුරු සාකච්ඡාවල යෙදෙමින් සිදු කළ පරීක්ෂණයකට අනුව මරණ තර්ජන, අත්අඩංගුවට ගැනීම, නඩුහබවලට පැටලීම් හා අපහරණය කිරීම් ඇතුළු තර්ජන ගර්ජන නිසා බහුතරයක් මාධ්‍යවේදීන් වාර්තාකරණයෙන් ඉවත් වන බව ද තවත් පිරිසක් ඒ කිසිවක් නොතකා පෙර නොවූ විරූ කැප වීමෙන් විස්තර වාර්තා කරන බවත් සොයා ගන්නා ලදී.‍

රොඩ්නි සියේ නමැති ලයිබීරියානු නිදහස් මාධ්‍යවේදියෙක් වරක් එරට හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක් පරපෝෂිත වසංගත රෝගයක් පැතිර යාම මැඩපැවැත්වීමට ලැබුණු මුදල් අවභාවිත කර සියලු බරපතළ වංචා දූෂණ පිළිබඳ හෙළි කළේ ය.

එම ඇමතිවරයාගේ කීර්ති නාමයට හානි කළේ යැයි චෝදනා කරමින් එකී මාධ්‍යවේදියාට වසර 5000ක සිර දඬුවමක් නියම කළ අතර අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් වන්දි වශයෙන් ඇමතිවරයාට ගෙවීමට ඔහුට සිදු විය.

Rodney Sieh

ලයිබීරියාවේ දරුණුම බන්ධනාගාරයක මාස 3ක් ගත කිරීමෙන් පසුව එල්ල වූ අන්තර්ජාතික පීඩනය හේතුවෙන් ඔහු නිදහස් කෙරිණි.

නිදහස් අන්තර්ජාල පුවත් සමාගමක් වෙනුවෙන් සේවය කළ කැනේඩියානු වාර්තාකරුවෙකු වූ මයිල්ස් හොවේ මහජන උද්ඝෝෂණ වාර්තා කිරීම භාරව සිටි මාධ්‍යවේදියෙකි.

අධි පීඩිත ජලය භාවිත කිරීමෙන් ස්වභාවික වායු පිටතට ගැනීමේ ව්‍යාපෘතියකට එරෙහිව නිව් බ්‍රන්ස්වික්හි ජනතාව පැවැත්වූ උද්ඝෝෂණ පිළිබඳ සොයා බැලීමට ඔහු නිතර සම්බන්ධ වූවෙකි.

ඒ නිසා ඔහු නිතර අත්අඩංගුවට පත් විණි.‍

මෙසේ එක් වරක පොලීසිය ඔහු ද උද්ඝෝෂණ කරුවෙකු ලෙස අල්ලා ගෙන ඔහුගේ නිවසට කඩාවැදී වෘත්තීය උපකරණ අත්අඩංගුවට ගත්තේ ය.

උද්ඝෝෂණ පැවැත්වීමට පෙර ඒ පිළිබඳව ඔත්තු සපයන ලෙස ද පොලීසිය මාධ්‍යවේදියාගෙන් ඉල්ලූ බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගැනීමෙන් වසර 2කට පසුව ඔහු සිය මාධ්‍ය මෙහෙවර අත්හැරියේ ය.‍

මෙක්සිකෝවේ සියෙරා ටරාහුමාරාවේ වනාන්තර රැක ගැනීම උදෙසා සටන් වැදුණු මාධ්‍යවේදියෙකු වූ ඉසිද්රෝ බැල්ඩිනීග්රෝ තර්ජනයක් ලෙස සැලකූ දැව හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඔහු ඝාතනය කළ බව කියැවේ.‍

READ MORE:  Limos of world leaders: pictures, makes and models, details
Isidro Baldenegro

කොළොම්බියානු රේඩියෝ මාධ්‍යවේදියෙකු වූ එෆිජීනියා අස්ටුඩිලෝ එරට දේශීය ජනතාවගෙන් කොල්ල කා ගත් පාරම්පරික ඉඩම් වගාවන් සහ කර්මාන්තවලට යොදා ගැනීමට එරෙහිව හඬ නැගීම නොකඩවා සිදු කළ බැවින් ඔහුට ද වෙඩි තබන ලදී.

යුක්‍රේනයේ වංචා දූෂණ පිළිබඳව වාර්තා කළ ගවේෂණාත්මක නිදහස් මාධ්‍යවේදී වාඩින් කොමරොව් නාඳුනන පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහර දෙන ලදුව මොළයේ ශල්‍යකර්මයක් කරන්නට වූ බවත් ඉන් පසු කෝමා තත්ත්වයට පත් වූ බවත් සති 2කින් අනතුරුව මිය ගිය බවත් වාර්තා වේ.

Vadym Komarov

එවැනි සිදු වීමක් වී තිබෙන්නේ නව යුක්‍රේන අගමැති වොලෝඩිමර් සෙලෙන්ස්කි රටේ වංචා දූෂණ නවත්වන බවට ඡන්ද පොරොන්දුවක් දී තිබියදී ය.

හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් යටතේ එරට මාධ්‍ය අවභාවිතය පිළිබඳ එකී කමිටුව අධ්‍යයනය කර ඇති අතර රජය පත් වීමට පෙර ඔවුන්ගේ ගුණ වැයීමට හිතවතුන් අගය කිරීමට හා විරුද්ධවාදීන්ට දඬුවම් පැමිණ වීමට රාජ්‍ය දැන්වීම් අංශය යොදා ගැනීම මෙන්ම නිදහස් මාධ්‍යවේදීන් කොන් කිරීම, තොරතුරු පනතේ නිදහස සීමා කිරීම, දූෂණ වංචා පිළිබඳ සෙවීම හිතාමතා දුෂ්කර කිරීම ආදිය සිදු වී ඇති බව සොයා ගැනිණි.

එම කමිටු වෙඩ් අඩවියේ දැක්වෙන පරිදි 2019 වසරේ මුල සිට මේ දක්වා ලෝකයේ මාධ්‍යවේදීන් 9 දෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් 2ක් සෘජු ඝාතන වේ.

1992 සිට වර්තමානය තෙක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 19 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, 10 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කර ඇති බවත්, කළ කී දෑ හේතුවෙන් තවත් 10 දෙනෙකු මරා දමා ඇති බවත් එම වෙබ් අඩවියේ සඳහන් වේ.

නිල නොවන අයුරින් මාධ්‍ය වාරණය කරන්නේ එපරිද්දෙනි.

ජනමාධ්‍යවේදය යනු ප්‍රතික්ෂේපිත වෘත්තියක් යැයි ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ දේශකවරියක වන ගෞරි ආනන්තන් කියා සිටින බව ද කොන්සර්වේෂන් වෙබ් අඩවියේ දැක්වේ.

(උපුටා ගැනීම – ලංකාදීප)