අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!

Features, Sports

Lasith Malinga with his family following his final career ODI
Lasith Malinga with his family following his final career ODI

ආර්. ප්‍රේමදාස පිටියට රැස්වූ දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඇසට කඳුළක් එක් කරමින් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජූලි 26 එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය. ඒ සිහිනයකටත් වඩා සොඳුරු දස්කම් ගොන්නක් අවසානයේ ලක්මවට තවත් එක්දින තරග ජයක් ද උරුම කර දෙමිනි. 

Lasith Malinga last ODI farewell speech

ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 111ක් රැස් කළේ පන්දු 99කිනි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 43යි.

ශෆියුල් ඉස්ලාම් ලකුණු 62ට කඩුලු 3ක් දවා ගත්තේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 314කි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිම සුනු විසුණු කිරීමට ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ක්‍රීඩාංගණයට රැස් වුණු දහස් ගණනක් වූ ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මධ්‍යයේ මාලිංග තරගයේ පළමු කඩුල්ල දවා ගත්තේ පළමු පන්දු වාරයේදී ය.

මාලිංගට අනගි සහයක් ලබා දුන් නුවන් ප්‍රදීප් රොෂාන් කඩුලු 3ක් දවා ගත් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අබියස බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි නොවීය.

සබීර් රහ්මාන් ලකුණු 60ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 67ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.

ලකුණු 200ක් තුළ බංග්ලාදේශයේ කඩුලු 9ක් බිඳ වැටුණු අතර සිය අවසන් එක්දින පන්දු වාරයේ සිව් වැනි පන්දුවේදී ලකුණු 223කට බංග්ලාදේශ අවසන් කඩුල්ල දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.

ඒ අනුව මාලිංග මෙම තරගයේදී කඩුලු තුනක් දවා ගත් අතර වසර 15ක එක්දින තරග ඉතිහාසයේ දවාගෙන ඇති මුළු කඩුලු ගණන 338කි.

කඩුලු ත්‍රිත්ව තුනක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා වන මාලිංග ලොව වැඩිම කඩුලු ලාභී එක්දින පන්දු යවන්නන් අතර 9 වන ස්ථානයේ රැඳී සිටියි.

මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස්ගෙන් අනතුරුව එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංග ය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශ කතාවේ අවසන් පුරාවෘත්තය ලෙස සැලකිය හැකි මෙම විශිෂ්ටතමයාට සමු දීමට ජනාධිපති, විපක්ෂ නායක, ක්‍රීඩා ඇමති ඇතුළු මැති ඇමතිවරුන් ද, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර, මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයින් විශාල පිරිසක් ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වී සිටින අයුරුද දැක ගන්නට ලැබුණි.

READ MORE:  මාලිංග රට හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි ද?

ඒ අනුව ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලැබෙන ඉහළම මට්ටමේ සමුගැනීමක් අද රත්ගමින් බිහිවී ක්‍රිකට් ලොව දික් විජය කළ මෙම සොඳුරු හිතුවක්කාරයාට හිමිවිය. එහි මිහිර තවත් දෙගුණ තෙගුණ වූයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහු යැවූ අවසන් පන්දුවට ලැබූ කඩුල්ලත් සමඟින් ඔහු තරග රටා තුනේම වැඩිම කඩුලු බිඳ හෙලූ පන්දු යවන්නන් අතර 9 වෙනි ස්ථානයට පත්වීමට ද සමත් වූ බැවිනි. කෙසේවෙතත් මෙම ඓතිහාසික දිනය අවසානයේ මදකට නැවතී සිතා බලන විට සිතට එන එකම කණගාටුදායක කරුණ වන්නේ අනිද්දා ඇරඹෙන දෙවැනි එක්දින තරගයේ සිට පන්දුවට වැඳ, පන්දුව සිප, මාලිංග එවන භයානක යෝකර් පන්දු නැවත දකින්නට නොලැබීමයි.

Lasith Malinga - King of Yoker
Lasith Malinga – King of Yoker
Lasith Malinga final ODI Srilanka vs Bangaladesh
Lasith Malinga final ODI Srilanka vs Bangaladesh
Lasith Malinga final ODI Srilanka vs Bangaladesh
Lasith Malinga final ODI Srilanka vs Bangaladesh
Lasith Malinga final ODI Srilanka vs Bangaladesh
Lasith Malinga final ODI Srilanka vs Bangaladesh
Lasith Malinga final ODI Srilanka vs Bangaladesh