එක අක්මාව දෙකට බෙදා ගැනීමට තරම් ශක්තිමත් වූ ස්ටීව් ජොබ්ස්ගේ සහ ටිම් කුක්ගේ බැඳීම

Features

Tim Cook and Steve Jobs
Tim Cook and Steve Jobs

Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතය පිළිබඳ චරිතාපදානයක් මගින් ඔහු පිළිබඳ කිසිවකු නොදත් තොරතුරු රැසක් හෙළිව තිබේ.

එහි දැක්වෙන ආකාරයට Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මරණයට පත්වීමට වසර දෙකකට පමණ පෙර ඔහුගේ අක්මාව ආශ්‍රිතව දැඩි රෝගී තත්ත්වයක් නිර්මාණය වී තිබී ඇත.

මෙහි අනතුරුදායක තත්ත්වය වී ඇත්තේ, ස්ටීව් ජොබ්ස්ගේ රුධිර වර්ගය ඉතා විරල එකක් වීම ය.

2011 වසරේ එම වකවානුව තුළ ස්ටීව් ජොබ්ස් අසාධ්‍ය තත්ත්වයෙන් සිය නිවසේ ඇඳක් මත වැතිර සිටි බව එම ග්‍රන්ථයෙහි සඳහන් වේ.

ඔහුට හැකි ඉක්මනින් අක්මාවක කොටසක් බද්ධ කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබිණි.

එහෙත්, ඔහුගේ රුධිරය සමග සැසඳෙන අක්මාවක කොටසක් සොයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් විය.

මේ අතරතුර එවක‍ට ස්ටීව් ජොබ්ස්ගේ දෙවැන්නා ලෙස සේවය කළ ටිම් කුක් සිය රුධිර වර්ගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගේ අක්මාව ස්ටීව් ජොබ්ස්ගේ අක්මාව සමග සැසඳෙන බව දැනගෙන තිබේ.

වහා ස්ටීව් ජොබ්ස්ගේ නිවසට ගිය ටිම් කුක් සිය ඉහළ නිලධාරියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කර තිබිණි.

එහෙත්, ස්ටීව් ජොබ්ස් ඊට එකහෙලා විරුද්ධ වී ඇත.

ස්ටීව් ජොබ්ස් පවසා ඇත්තේ, තමන් මරණය අබියස සිටින බව ත්, ටිම් කුක් තව ත් බොහෝ කලක් ජීවත් විය යුතු බව ත් ය.

අක්මාවක කොටසක් පරිත්‍යාග කිරීමෙන් සිය සෞඛ්‍යයට කිසිදු හානියක් නොවන බවට කෙතරම් පැවසුව ද, ස්ටීව් ජොබ්ස් ටිම් කුක්ගේ ඉල්ලීමට ඉඩ දී නොමැත.

මේ වන විට Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන ටිම් කුක් පවසන්නේ, ස්ටීව් ජොබ්ස්ගේ නිහතමානීබව මෙම සිද්ධියෙන් පැහැදිලි වන බව ය.

Becoming Steve Jobs නමැති අදාළ චරිතාපදානයේ එම සිද්ධිය වාර්තා කර ඇත්තේ මෙසේ ය.

“He cut me off at the legs, almost before the words were out of my mouth,” said Cook. “‘No,’ he said. ‘I’ll never let you do that. I’ll never do that.’”

READ MORE:  The name of Jony Ive's design firm LoveFrom was inspired by Steve Jobs

“Somebody that’s selfish,” Cook continues, “doesn’t reply like that. I mean, here’s a guy, he’s dying, he’s very close to death because of his liver issue, and here’s someone healthy offering a way out. I said, ‘Steve, I’m perfectly healthy, I’ve been checked out. Here’s the medical report. I can do this and I’m not putting myself at risk, I’ll be fine.’ And he doesn’t think about it. It was not, ‘Are you sure you want to do this?’ It was not, ‘I’ll think about it.’ It was not, ‘Oh, the condition I’m in . . .’ It was, ‘No, I’m not doing that!’ He kind of popped up in bed and said that. And this was during a time when things were just terrible. Steve only yelled at me four or five times during the 13 years I knew him, and this was one of them.”