වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්

Sports

 Avishka Fernando , 104 Runs from 103 Balls
Avishka Fernando , 104 Runs from 103 Balls

ලෝක කුසලාන තරඟාවලියේ දැන් පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා තරඟයේදියි යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය රැස් කර ගැනීමට සමත් විය.

පන්දු 103 කින් ලකුණු 104ක් රැස්කළ අවිශ්කගේ ඉනිමට හතරේ පහර 9ක් හා මනරම් හයේ පහරවල් දෙකක්ද අනත්ර්ගත විය.

ලෝක කුසලාන තරඟාවලියක ශතකයක් රැස්කළ ලොව තුන්වන ලාබාලතම ක්‍රීඩකයා බවටද, ශ්‍රීලංකාව වෙනුවෙන් ලෝක කුසලාන ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා බවටද අවිශ්ක ප්‍රනාන්දු වාර්තා අතරට එක් විය.

ශ්‍රී ලංකා ඉනිම අවසානයේ සිය ඉනිම පිළිබඳව අදහස් දැක්වූ අවිශ්ක කියා සිටියේ ලෝක කුසලාන ශතකයක් රැස් කර ගැනීමට හැකිවීම පිළිබඳ ඉතා සතුටු බවත් තමා වෙහෙස මහන්සියෙන් පුහුණු වීම් කටයුතු සිදුකළ බවත්,කණ්ඩායමට දායකත්වයක් ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් ඔහු කියා සිටියේය.

21 වියැති අවිශ්ක ඉතා පරිණත ක්‍රීඩා විලශයක් සිය ඉනිම පුරාවට විදහා දැක්වූ බවත් ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ අදහසයි.


READ MORE:  Twitter salutes Lasith Malinga after Sri Lankan pacer bows out of World Cup as 3rd highest wicket-taker