කුසල් මෙන්ඩිස් ගැනතවදුරටත් විශ්වාසය තබනවා – කි‍්‍රකට් තේරීම් කමිටුව

Sports

ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. ලෝක කුසලානයට සහභාගී වූ ශ‍්‍රී ලංකා පිල දිවයිනට පැමිණීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුව ද මෙයයි.

මෙම මාධ්‍ය හමුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද එක්ව සිටියා.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ පැවසුවේ “ඔහු ගේ ගිවිසුම අවසන් වීමට තවත් මාස 16ක් පවතින බවත්, එම කාලය අවසන් වනතුරු සිටිනා බවත්ය. එසෙම ඔහු ඔහුගෙ උපරිමය කණ්ඩායමට ලබ දී තිබෙනා බව” වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේය.

ශ‍්‍රි ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය අවසන් කළේ 06වන කණ්ඩායම ලෙසයි. මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (09) දිනයේ නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.


READ MORE:  ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි...