උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
විභාගයට පෙනී සිටින සමස්ත අයැදුම්කරුවන් සංඛ්‍යාව 337,704කි.
ඒ අතුරින් පැරණි නිර්දේශය යටතේ අයැදුම්කරුවන් 139,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ ය.
නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 198,229කි.
අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව ද ඔහු පැවසී ය.
Related Articles
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්‍යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...
ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් - ගෝටා කියයි
මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග