‘පොහොට්ටුව’ ලකුණ වෙනස් කරන්නේ නැහැ – වාසුදේව නානායක්කාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු ලකුණ වෙනස් නොකරන බව මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා පසුගිය දිනවල සිදු විය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූයේ ලකුණ පිළිබඳ ගැටලුව පැන නැගීමත් සමග ය.
පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් තරග කොට අනතුරුව පැමිණෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කළ යුතු බව ය.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වන බවට කිසිදු එකඟතාවකට තවමත් පැමිණ නොමැත.
Related Articles
2015දී ණය ටි්රලියන 07යි... අද ටි්රලියන 13යි...
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්
“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
