පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සලකා බැලීම ජූලි 31 වන දා දක්වා කල් තැබිණි.
ඒ, මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය.
තමා අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි 29 වන දා ය.
ඒ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමිනි.
Related Articles
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට
පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
