පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සලකා බැලීම ජූලි 31 වන දා දක්වා කල් තැබිණි.
ඒ, මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය.
තමා අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි 29 වන දා ය.
ඒ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමිනි.
Related Articles
‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
පාස්කු ප්‍රහාරය පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි-ජනපති
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්