ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ – ශෙහාන් සේමසිංහ

Local

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සඳහා කිසිදු එකඟතාවකට පැමිණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීම සඳහා මූලික එකඟතාවකට එළැඹුණු බව ය.

මහින්ද අමරවීර මහතා සිදු කළ එම ප්‍රකාශය ඉදිරියේදී ඔහු විසින් නිවැරදි කරනු ඇති බවට ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ය.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගැනීමට නම් ඔවුන් සමග සන්ධානගත වීමට බලාපොරොත්තු නොවන බවට ඔහු අවධාරණය කළේ ය.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණයට පොදුජන පෙරමුණ එකඟ නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Related Articles

පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
අපේ නායකයින්ගේ කොන්ද පණ මදි - කාදිනල් හිමිගෙන් දැඩි විවේචන
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් - ගෝටා කියයි
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර

READ MORE:  රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්නා - මහින්ද රාජපක්ෂ