“මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ” – ලසිත් මාලිංග

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ලසිත් මාලිංග ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පසුගියදා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ එම වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවයි.
අදාල වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවත්, එවැනි මතයන් නිර්මාණය කරන අයගෙන්ම ඒ ගැන ඇසිය යුතු බවත්ය.
එසේම “මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළා.


Related Articles
ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි
මම සටන් කළා, දැන් මට මහන්සියි - සමුගැනීම ගැන ලසිත් මාලිංග
ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි - ගැරී ස්ටෙඩ්
ලෝක කුසලාන ක්‍රිකට්: සිංහයෝ වික්රමයක… එංගලන්තයට දරුණු පරාජයක්
Steve the Unstoppable: Smith completes rare Ashes double
"සංගාගේ වචන අපිව දිරිමත් කළා" - ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්
කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
