“මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ” – ලසිත් මාලිංග

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ලසිත් මාලිංග ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පසුගියදා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ එම වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවයි.
අදාල වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවත්, එවැනි මතයන් නිර්මාණය කරන අයගෙන්ම ඒ ගැන ඇසිය යුතු බවත්ය.
එසේම “මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළා.


Related Articles
Mahela Jayawardene set to coach Southampton-based side in The Hundred
Steve the Unstoppable: Smith completes rare Ashes double
"මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා" මාලිංග කුලසේකරට ස්තූති කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි...
20 – 20 වැඩිම කඩුලුලාභියා ලෙස ලසිත් මාලිංග වාර්තාගත වෙයි
දිමුත්, මාලිංග ඇතුළු 10 දෙනෙක් පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව දැනුම් දෙති
කුසල් මෙන්ඩිස් ගැනතවදුරටත් විශ්වාසය තබනවා - කි‍්‍රකට් තේරීම් කමිටුව
වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්