‘පොහොට්ටුව’ ලකුණ වෙනස් කරන්නේ නැහැ – වාසුදේව නානායක්කාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු ලකුණ වෙනස් නොකරන බව මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා පසුගිය දිනවල සිදු විය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූයේ ලකුණ පිළිබඳ ගැටලුව පැන නැගීමත් සමග ය.
පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් තරග කොට අනතුරුව පැමිණෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කළ යුතු බව ය.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වන බවට කිසිදු එකඟතාවකට තවමත් පැමිණ නොමැත.
Related Articles
රාජ්ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්රසාද?
ජනපති අපේක්ෂකයා ප්රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
මහේන්ද්රන්ට වරෙන්තු නිකුත් කෙරේ
මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු ඇරඹේ
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නාම යෝජනා 05ක්...
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා - ජනපති
