සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ ලිඛිත පැමිණිල්ලක් භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අදාළ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙස දන්වා ඇති බව ය.
එම වාර්තාවේ කරුණු මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
Related Articles
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය
“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
