ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි – ජලනි පේ‍්‍රමදාස

Local

ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්වුණි.

ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් දැක් වු ජලනි ප්‍රේමදාස මහත්මිය

‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්.

ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි.

ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’


READ MORE:  මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...