සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන කරන බව ය.
මොහු ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ, නාවික හමුදා බුද්ධි අංශයේ ද සහය ඇතිව ය.
මොහොමඩ් තාජුඩීන් ආසිෆ් අහමඩ් නමැති 20 හැවිරිදි සැකකරු අරණායක, දික්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මෙම ඇඟලුම් කම්හලේ සේවයට පැමිණ ඇත්තේ, මීට දින 3කට පෙරය.
Related Articles
ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
පාස්කු ඉරිදා එල්ල වූ ප්රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..
ජනපති අපේක්ෂකයා ප්රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
වෛද්ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
