සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන කරන බව ය.
මොහු ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ, නාවික හමුදා බුද්ධි අංශයේ ද සහය ඇතිව ය.
මොහොමඩ් තාජුඩීන් ආසිෆ් අහමඩ් නමැති 20 හැවිරිදි සැකකරු අරණායක, දික්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මෙම ඇඟලුම් කම්හලේ සේවයට පැමිණ ඇත්තේ, මීට දින 3කට පෙරය.
Related Articles
පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
හක්මීමන බැංකුවක කොල්ලයක්
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
ශ්‍රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා - අස්ගිර...
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
