පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි – සරත් ෆොන්සේකා

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ, අද කැලණියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
ප්‍රහාර හා සම්බන්ධ සිදුවීම් අවසන් වී එම ගැටලුව මේ වන විට නිරාකරණය වී තිබෙනවා යැයි යම් පාලකයෙක් සිතනවා නම් අදාළ පුද්ගලයා නොම්මර එකේ මෝඩයෙක් යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී අවධාරණය කළේ ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද කැඳවය බව ෆොන්සේකා මහතා මෙහිදී සඳහන් කළේ ය.
ෆොන්සේකා මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා හා අගමැතිවරයා කැඳවීමට කාරක සභාවට බලයක් ඇති බවත් යම් අයෙක් නොපැමිණෙන්නේ නම් එය නීති විරෝධී බවත් ය.
Related Articles
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා - ජනපති
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි
කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති