සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන කරන බව ය.
මොහු ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ, නාවික හමුදා බුද්ධි අංශයේ ද සහය ඇතිව ය.
මොහොමඩ් තාජුඩීන් ආසිෆ් අහමඩ් නමැති 20 හැවිරිදි සැකකරු අරණායක, දික්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මෙම ඇඟලුම් කම්හලේ සේවයට පැමිණ ඇත්තේ, මීට දින 3කට පෙරය.
Related Articles
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
ශ්‍රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරවනීය තීන්දුවක් ගන්නවා - ජනපති
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
2015දී ණය ටි්රලියන 07යි... අද ටි්රලියන 13යි...
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...