පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්

Local

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට යොමු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ යළි රට තුළ අවදානමක් මතුව තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බොහෝ පුද්ගලයින් ඉතා ඉක්මනින් නිදහස් කර ඇති බව ය.

අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමකට වඩා පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් මගින් ඔවුන්ගෙන් පාපොච්ඡාරණයක් කර ගැනීමට හැකිව තිබූ බව උන්වහනසේ පෙන්වා දෙයි.

එමෙන්ම ජාතිවාදය ඇවිස්සේ යැයි පවසමින් ත්‍රස්තවාදී ක්‍රියාවන් වසන් කිරීමේ උත්සහයක් ඇති බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ ය.

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිගේ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යට ගැසීමට කටයුතු කරමින් තිබේ.

අදාළ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යට ගැසීමට කටයුතු කරනවා නම් ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවීමට කටයුතු කරන බව රතන හිමියන් අවධාරණය කරයි.

Related Articles

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්
කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...
අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට
දුලිමිණි අත්තනායක ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කෙරේ
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්

READ MORE:  හිටපු ආරක්ෂක ‌ල‌ේකම් සහ ‌ප‌ොලිස්පති ‌‌හ‌ෙට CIDයට කැඳවයි