හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ප‍්‍රකාශ කර ඇති බව ලංකාසීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ලන්ඩනයේදී ප‍්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රි ලංකා කණ්ඩායමේ පසුබෑමට ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු සියළු පුහුණුකරුරවන් ඉවත් කරන බවයි.
හතුරුසිංහට විශාල වැටුපක් ගෙවන බවත් ඊට ප‍්‍රතිලාබ නොපැබෙන්නේ නම් තව දුරටත් ඔහු පුහුණුකාර ධුරයේ තබාගෙන වැඩක් නැතැයිද කලින්ද දැන්වූ බව ඔහු සදහන් කර ඇත.
මේ අතර චන්දික හතුරුසිංහ කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ තම සේවා ගිවිසුම 2020 දෙසැම්බර් දක්වා ඇති නිසා ධුරයෙන් ඉවත් නොවන බවයි.
Source: lankacnews
Related Articles
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉදිරි ගමනට T20 ලෝක කුසලානය දිනූ පුහුණුකරුගෙන් යෝජනා පහක්
දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තයට තියුණු ජයක්
නුවන් තුෂාර: බංග්ලාදේශ් තරග බිමේ අත්හදා බැලෙන "පොඩි මාලිංග"
ICC suspends Zimbabwe Cricket over 'political interference'
Feels Names And Numbers on Jerseys Are Rubbish - Adam Gilchrist
ක‍්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි - ගැරී ස්ටෙඩ්
Mahela Jayawardene set to coach Southampton-based side in The Hundred
ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්