කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට අද ඔහු ඉදිරිපත් වූ අවස්ථාවේදී ය.
ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු බිය ගැන්වීම, මුදල් පැහැර ගැනීම හා පුද්ගලයෙකු පැහැර ගැනීම යන චෝදනාවන්ට අදාළව කුරුණෑගල මහාධිකරණයේ සැකකරුට එරෙහිව මේ වන විට නඩුවක් විභාග වේ.
එහෙත් පසුගිය නඩු වාර්යේදී ඔහු අධිකරණයේ පෙනී නොසිට විදේශගත වී තිබේ.
එම අවස්ථාවේදී විනිසුරුවරිය ඔහුට වරෙන්තු නිකුත් කළ අතර ඒ අනුව ඔහු අද නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
Related Articles
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ