අපිට ඕනේ ගෝඨාභයට වඩා බලයේ ඉන්න අයගේ ප්‍රතිචාරයක්-කාදිනල්

Local

කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද(27) උදෑසන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති කාදිනල්වරයා සමඟ දළදා මාළිගාවේ සංචාරයකට එක් වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළේය.

ජනාතාව විසින් වින්ශ්චයක් ලබා දීමට දැන ගත යුතු බවත් පැවසු උන්වහන්සේ මෙම පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වු ජනතාවගේ හදවත් සැනසීම සඳහා ඔවුන්ට සත්‍ය හෙළි කිරීම අපගේ වගකීමක් බවත් පැවසීය.

මෙම ප්‍රහාරය පිටුපස ඇති විවිධ ක්‍රමන්ත්‍රයන් ගැන ඇති ආරංචි සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදු කරන තෙක් සැනසීමෙන් සිටිය නොහැකි බවද කාදිනල් හිමියන් මෙහිදී කියා සිටියේය.

බොහෝ අය එක එක දේවල් සිදු කරන බවට පැවසුවත් බලයේ සිටිය අය, මේ ගැන යම් පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇතැයි ද පැවසු කාදිනල් හිමිපාණන්, ඡන්දයට පෙර සියලු දෙනාගේ අවධානය බලය ලබා ගැනීම වෙනුවෙන් ගොස් ඇතැයි ද පැවසීය.

කළ යුතුව ඇත්තේ එය නොවන බවත් පැවසු කාදිනල් හිමියන්, මිනිසුන්ට සිදුවු ව්‍යසනය සම්බන්ධයෙන් ඔවුන්ගේ හදවත්වල ඇති වේදනාව තුනී කිරීමට බලයේ ඉන්න අයත් යම් දෙයක් කළ යුතුව ඇති බවත්, විරුද්ධ පක්ෂයේ අය යම් වචනයක් පැවසු පමණින් එය ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කළේය.

ඡන්දෙට පෙර මේ ගැන යම් දෙයක් සිදු විය යුතු බව ද සඳහන් කළ කාදිනල් හිමියන්, බලයේ ඉන්න අය නිහඬතාවයක් රකිමින් සිටින අතර, ජනාධිපතිවරයාගෙන් පවා මේ ගැන සුබදායි ප්‍රතිචාරයක් නොලැබුණ බවද කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන බව සඳහන් කිරීම ගැන මෙහිදී කාදිනල් හිමිගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එවිට උන්වහන්සේ පවසා සිටියේ, ඔහුට මේ වන විට බලයක් නොමැති බැවින් අද බලයේ ඉන්න පුද්ගලයින් යම් සාධාරණයක් ඉටු විය යුතු බවයි.

ජනාධිපති පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ජනතාව අතරට පත් නොවු බවත්, ඉතිහාසය පුරා සිදුවු ඝාතන සම්බන්ධයෙන් ද වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව ද පැවසීය.

READ MORE:  ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරව‍නීය තීන්දුවක් ගන්නවා - ජනපති

ස්වාධීන මණ්ඩලයක් මඟින් තීරණයක් ගත හැකි කොමිෂන් සභාවක් පත් කරන ලෙස ද කාදිනල් හිමියන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා දිනයේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, සිය රජයක් බලයට පත්වූ විට නොපමාව රටේ සමස්ථ ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවයි.

Source: Adaderana

Related Articles

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකත්වයට නාම යෝජනා 05ක්...
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...
පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග