‘පොහොට්ටුව’ ලකුණ වෙනස් කරන්නේ නැහැ – වාසුදේව නානායක්කාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු ලකුණ වෙනස් නොකරන බව මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා පසුගිය දිනවල සිදු විය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූයේ ලකුණ පිළිබඳ ගැටලුව පැන නැගීමත් සමග ය.
පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් තරග කොට අනතුරුව පැමිණෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කළ යුතු බව ය.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගත වන බවට කිසිදු එකඟතාවකට තවමත් පැමිණ නොමැත.
Related Articles
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්
පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් - උදය ගම්මන්පිල
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති