කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී

Local

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කොළඹ කාසල් කාන්තා රෝහලේදී හා ද සොයිසා කාන්තා රෝහලේදී සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ පරීක්ෂණ සඳහා සියලු පහසුකම් සලසන ලෙස කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පුද්ගලයින් 758 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද බලධාරීහු පවසති.


READ MORE:  ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි