කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්

Local

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි.

එම පුවත්පත සඳහන් කළේ, අදාළ කන්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකාව ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.

මීට අමතරව ප්‍රතිචක්‍රීකරණය සඳහා මෙරටට එවූ කසළ කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් ද හමු වී ඇති බව ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි.

මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කන්ටේනර් 111 තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනය වීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ටෙලිග්‍රාෆ් පුවත්පත වැඩිදුරටත් අනාවරණය කරයි.

මේ අතර මෙරටට ගෙන්වා ඇති කසළ බහලුම් යළි තම රටට රැගෙන යන ලෙසට බල කරමින් අද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කර්මාන්ත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙලෙස රැගෙන විත් ඇත්තේ කසළ බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිළිගත් බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ කසළ තොගය ගෙන්වූ සමාගම මේ වන විට බුන්වත් වී ඇති බව ය.

Related Articles

‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ - ශෙහාන් සේමසිංහ
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...

READ MORE:  ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ