දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තයට තියුණු ජයක්

Sports

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තය තියුණු ජයක් වාර්තා කළේ ය.

තරගයේ කාසිය වාසිය හිමි කර ගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනය කළේ ය.

තරගය පන්දුවාර 49කට සීමා වු අතර ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 241කි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ රාසි වැන් ඩර් ඩර්සන් නොදැවී ලකුණු 67ක් රැස් කළේ ය.

හෂීම් අම්ලා ලකුණු 55යි.

පන්දු යැවීමේදී නවසීලන්තයේ ලොකී ෆර්ගසන් කඩුලු 3ක් දවා ගත්තේ ය.

අනතුරුව ලකුණු 242ක ඉලක්කයක් කරා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3කදී ලකුණු 245ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේ ය.

නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් නොදැවී ලකුණු 106ක් වාර්තා කළේ ය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මෝරිස් කඩුලු 3ක් දවා ගත්තේ ය.

Related Articles

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි - ගැරී ස්ටෙඩ්
ලෝක කුසලානය 2019: දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?
ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති හරීන්ද න්වයි
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි
විරාත් කෝලි ලොව වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පළමු තැනට
වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට
බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී
හතුරුසිංහ-ගුරුසිංහ යවනවා - ක‍්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු

READ MORE:  දිමුත්, මාලිංග ඇතුළු 10 දෙනෙක් පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව දැනුම් දෙති