දිමුත්, මාලිංග ඇතුළු 10 දෙනෙක් පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව දැනුම් දෙති

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් 10 දෙනෙකු පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරා එම තරග සංචාරයට එක් නොවන බවට දැනුම් දී ඇති බව ය.
එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙම සංචාරයට සහභාගි නොවීම හේතුවෙන් පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළේ ය.
එක්දින තරග 3කට සහ පන්දුවාර විස්ස තරග 3 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 25 වන දා පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත ය.
Related Articles
20 – 20 වැඩිම කඩුලුලාභියා ලෙස ලසිත් මාලිංග වාර්තාගත වෙයි
ලෝක කුසලානය 2019 : "අවිශ්ක ප්‍රනාන්දු කොහෙද හිටියේ ?"
ධර්මසේනගේ වරදින් එංගලන්තයට අමතර ලකුණක් ලැබුණාද? සැබෑ ජයග්‍රාහකයෝ නවසීලන්තයද?
Feels Names And Numbers on Jerseys Are Rubbish - Adam Gilchrist
ලුතිනන් කර්නල් ධෝනි හමුදා සේවය තෝරා ගනියි
අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!
ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?
කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
