මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කෙරේ

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද වරෙන්තු නිකුත් කරනු ලැබී ය.
නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ සම්පත් අබේකොන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.
මෙම නඩුවේ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා වෙත යැවීම සඳහා අවශ්‍ය සිතාසි වාර්තා සකස් කොට ලබන දෙසැම්බර් 4 වන දා අධිකරණයට භාර දෙන ලෙස එහිදී වැඩිදුරටත් නියෝග කළ විනිසුරු මඩුල්ල පළමු විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන්ගේ වරෙන්තු වාර්තා ද එදිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේ ය.
Related Articles
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
