විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දැක්වූහ.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නියෝජ්‍ය නායකවරයා පැවසුවේ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නින්දිත ක්‍රියාවක් බවයි.
එය ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක් බවත් මෙවැනි යෝජනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් සිදු කිරීමට අවස්ථාව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ ය.
Related Articles
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්
ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..
අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට
