විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දැක්වූහ.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නියෝජ්‍ය නායකවරයා පැවසුවේ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නින්දිත ක්‍රියාවක් බවයි.
එය ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක් බවත් මෙවැනි යෝජනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් සිදු කිරීමට අවස්ථාව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ ය.
Related Articles
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
දුලිමිණි අත්තනායක ඕස්ට්රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කෙරේ
පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට
මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු ඇරඹේ
දිවි ඇතිතෙක් රියදුරු බලපත්රය අහෝසි වන නීතියක්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
