කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට අද ඔහු ඉදිරිපත් වූ අවස්ථාවේදී ය.
ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු බිය ගැන්වීම, මුදල් පැහැර ගැනීම හා පුද්ගලයෙකු පැහැර ගැනීම යන චෝදනාවන්ට අදාළව කුරුණෑගල මහාධිකරණයේ සැකකරුට එරෙහිව මේ වන විට නඩුවක් විභාග වේ.
එහෙත් පසුගිය නඩු වාර්යේදී ඔහු අධිකරණයේ පෙනී නොසිට විදේශගත වී තිබේ.
එම අවස්ථාවේදී විනිසුරුවරිය ඔහුට වරෙන්තු නිකුත් කළ අතර ඒ අනුව ඔහු අද නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
Related Articles
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු ඇරඹේ
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්