කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට අද ඔහු ඉදිරිපත් වූ අවස්ථාවේදී ය.
ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු බිය ගැන්වීම, මුදල් පැහැර ගැනීම හා පුද්ගලයෙකු පැහැර ගැනීම යන චෝදනාවන්ට අදාළව කුරුණෑගල මහාධිකරණයේ සැකකරුට එරෙහිව මේ වන විට නඩුවක් විභාග වේ.
එහෙත් පසුගිය නඩු වාර්යේදී ඔහු අධිකරණයේ පෙනී නොසිට විදේශගත වී තිබේ.
එම අවස්ථාවේදී විනිසුරුවරිය ඔහුට වරෙන්තු නිකුත් කළ අතර ඒ අනුව ඔහු අද නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
Related Articles
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...
පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා
සිංගප්පූරුවේ යාමට ගෝඨා අධිකරණයෙන් අවසර ඉල්ලයි
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
