පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සලකා බැලීම ජූලි 31 වන දා දක්වා කල් තැබිණි.
ඒ, මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය.
තමා අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි 29 වන දා ය.
ඒ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමිනි.
Related Articles
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්