සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි

Local

President Maithripala Sirisena
President Maithripala Sirisena

සිරකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගය සඳහා තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“සෝෆා“ සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

වත්මන් දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රට තුළ නායකයින් දෙදෙනෙකු බිහි වූ බව ජනාධිපතිවරයා  පවසා ඇත.

ඉරියේදී ජනාධිපතිවරයා ලෙස පත්වන කවුරුන් හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කර යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයෙන් මාස දෙකකට පසු මහ මැතිවණයක් පැවැත් වෙන බවත් රටට ශාපයක් වී ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයක් බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම ජනමත විචාරනයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළේය.

Related Articles

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යේ අවසන් තීරණය ලබන 05 - ශාන් විජයලාල්
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් ‌‌ව‌ෙයි?
වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද

READ MORE:  මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා