මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා විසින් අද (15) ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයාට මේ බව දන්වා ඇති අතර එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ එළැඹෙන 21 දාට පෙර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසයි.
තවද රන්ජන් රාමනායක අමාත්‍යවරයා දැක්වූ අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවත් එම කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම ලිපියේ සඳහන්.

Related Articles
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් - ගෝටා කියයි
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
