සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්

Local

සයින්දමරුදු ප‍්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දුන් ලොරි රථ රියැදුරාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ය.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු සයින්දමරුදු පිපිරීම සිදු කර ගත් සහරාන් හෂීම්ගේ පියා සහ සොහොයුරා පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවස සොයා ගනු ලැබුවේ අදාළ ලොරි රථ රියැදුරා ලබා දුන් තොරතුරකට අනුව ය.

මෑත ඉතිහාසයේ පොලීසිය විසින් සිවිල් පුද්ගලයෙකුට ලබා දුන් ඉහළම ත්‍යාග මුදල ද මෙය වේ.


READ MORE:  වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා