පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබා දීමට නියමිත බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයාට අමතරව, එදිනට තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද එදිනම සාක්ෂි විමසීම සඳහා කැඳවන බව එම කාරක සභාවේ නියෝජිතයෙකු සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර තිබෙන අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related Articles
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි
මං පිටකොන්දක් තියෙන බව පෙන්නුවෙ 2015 ජනවරී 08 වෙනිද...
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්‍යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා - අස්ගිර...
