පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබා දීමට නියමිත බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයාට අමතරව, එදිනට තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද එදිනම සාක්ෂි විමසීම සඳහා කැඳවන බව එම කාරක සභාවේ නියෝජිතයෙකු සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර තිබෙන අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related Articles
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නාම යෝජනා 05ක්...
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
2015දී ණය ටි්රලියන 07යි... අද ටි්රලියන 13යි...
කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ