සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට

Local

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලැබූ පුද්ගලයින් තිදෙනෙකු අම්පාර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොහොඩ් සහරාන් සමග නුවරඑළිය ප්‍රදේශයේ පුහුණු කඳවුරකදී අවි පුහුණුව ලැබූ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහිඩ්, හම්බන්තොට පුහුණු කඳවුරේදී පුහුණුව ලැබූ මාවනැල්ලේ පදිංචි මුස්තාක් අලී අම්හර් නොහොත් අබුහින්ඩ් සහ ඔලුවිල් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මාවනැල්ලේ පදිංචි මොහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන අයයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.

Related Articles

ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු ඇරඹේ
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...
මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...
කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්

READ MORE:  'පොහොට්ටුව' ලකුණ වෙනස් කරන්නේ නැහැ - වාසුදේව නානායක්කාර