කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට

Local

මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වංකාලේ මුහුදු තීරයේ මාළු වාඩියක් අසල සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවේ, නාවික හමුදාව හා මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඒකාබද්ධව අද අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ය.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම මත්ද්‍රව්‍ය තොගය වංකාලේ පොලීසියට භාර දී තිබේ.


READ MORE:  ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...