විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දැක්වූහ.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නියෝජ්‍ය නායකවරයා පැවසුවේ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නින්දිත ක්‍රියාවක් බවයි.
එය ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක් බවත් මෙවැනි යෝජනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් සිදු කිරීමට අවස්ථාව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ ය.
Related Articles
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
අවුරුදු 60ට වැඩි මන්ත්‍රීවරුන් 79ක් පාර්ලිමේන්තුවේ
කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්
"ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න..." - ෆීල්ඩ් මාෂල්
අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්