පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..

Local

Parliament of Sri Lanka
Parliament of Sri Lanka

පාර්ලිමේන්තුව සඳහා වාර්ෂිකව වැයවන වියදම් සම්බන්ධයෙන් එහි මූල්‍ය අංශය විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. එම වාර්තා වලට අනුව පාර්ලිමේන්තුවෙහි වැඩිම වියදමක් ආහාර සහ පාන සඳහා වැය වන බව සඳහන් වන අතර එය වාර්ෂිකව රුපියල් කෝටි 12 ක් බවයි සඳහන් වන්නේ.

එසේම මෙම මුදල වැඩි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ගේ ආහාර සඳහා බවයි ඔවුන් සඳහන් කරන්නේ. එසේම පාර්ලිමේන්තුවේ පානීය ජලය සඳහා වැයවන වාර්ෂික මුදල ලක්ෂ 90 ක් බව ගණන් බලා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආහාර වලින් 75% ක් වැය කරන්නේ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් යයි වාර්තාවෙයි.

මීට අමතරව පාර්ලිමේන්තුවේ විදුලිය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි 08 ක් සහ දුරකතන වියදම් සඳහා රුපියල් කොටි 1.4 ක් වියදම් වන බවයි ගණන් බලා තිබෙන්නේ.

වැඩිම විදුලිය ප්‍රමාණයක් වැය වැය වනුයේ එහි වායු සමීකරණ පද්ධතිය වෙනුවෙනි.

මේ අතර ආහාර අපද්‍රව්‍ය අවම කිරීම සඳහා කථානායක කරු ජයසූරිය විසින් පාර්ලිමේන්තු ආපනශාලාවේ පිසින ලද සියලුම ආහාර සැලකිය යුතු ලෙස අඩු කරන ලෙසත්, කල්තියා පැමිණිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව ලබා ගැනීමෙන් පසු ආහාර පිළියෙළ කරන ලෙසත් නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

Related Articles

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
විරුද්ධවාදීන් මගේ ප්‍රකාශය විකෘති කරලා ප්‍රචාරය කරා - රංජන්
එ.ජා.ප. සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි - සජිත් ප්‍රේමදාස
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා - අස්ගිර...
සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් - උදය ගම්මන්පිල
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්

READ MORE:  රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?