ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට

Sports

ICC logo

බංගලාදේශ තරඟාවලියේ අවසානයත් සමඟ නව එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇති අතර එහි ස්ථාන කිහිපයක් ඉහළට එන්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමත් ව ඇත.

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 31 වන ස්ථානය දක්වා ඉහළට එන්න ඇන්ජලෝ මැතිව්ස් සමත් සමත් ව ඇත.

කුසල් ජනිත් 49 වන ස්ථානයටත් කුසල් මෙන්ඩිස් 55 වන ස්ථානයටත් ඉහළට පැමිණ තිබෙනවා.

එසේම ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 15 වන ස්ථානය දක්වා ඉහළට එන්න අකිල ධනංජය සමත් ව ඇත.

එක්දින පිටියට සමුදුන් මාලිංගගේ නම් ශ්‍රේණිගත කිරීම්වල 28වන ස්ථානයේ තවමත් සටහන් වී තිබෙනවා.


READ MORE:  ධර්මසේනගේ වරදින් එංගලන්තයට අමතර ලකුණක් ලැබුණාද? සැබෑ ජයග්‍රාහකයෝ නවසීලන්තයද?