සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලැබූ පුද්ගලයින් තිදෙනෙකු අම්පාර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොහොඩ් සහරාන් සමග නුවරඑළිය ප්රදේශයේ පුහුණු කඳවුරකදී අවි පුහුණුව ලැබූ ගෙලිඔය ප්රදේශයේ පදිංචි මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහිඩ්, හම්බන්තොට පුහුණු කඳවුරේදී පුහුණුව ලැබූ මාවනැල්ලේ පදිංචි මුස්තාක් අලී අම්හර් නොහොත් අබුහින්ඩ් සහ ඔලුවිල් විශ්වවිද්යාලයේ අධ්යාපනය ලබන මාවනැල්ලේ පදිංචි මොහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන අයයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.
Related Articles
"සුබවාදි ගමනකට ශ්රීලනිප මන්ත්රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
මාවනැල්ල ප්රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
ත්රස්ත ප්රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ
ශ්රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...
