කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි

අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන සේවකයෙකු කථානායකවරයාගේ සේවයට යොදවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ප්‍රසාද් කාරියවසම් නමැති පුද්ගලයෙකුට මෙලෙස අමෙරිකානු සමාගමකින් වැටුප් ගෙවන බවටත් පාර්ලිමේන්තුව තුළ ඔහු සිදු කරන කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්න කළේ ය.
කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ, අනෙකුත් රටවල් සමග කටයුතු කිරීම පිළිබඳවත්, විදෙස් රටවලින් ශිෂ්‍යත්ව ආදිය ලබා ගැනීම සඳහාත් ඔහු තමන්ට සහය දක්වන බව ය.
කෙසේ වෙතත් අද මාධ්‍යවේදීන් කථානායකවරයාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ඊට පිළිතුරු ලබා නොදී මාධ්‍යවේදීන් මගහැර ගියේ ය.
Related Articles
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...
මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කෙරේ
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
අපේ නායකයින්ගේ කොන්ද පණ මදි - කාදිනල් හිමිගෙන් දැඩි විවේචන
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
