කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි

Local

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය රජය තවමත් වසන් කරන බවත් ප්‍රහාරය පිළිබඳව සෙවීමට කොමිසම් සභා, කමිටු පත් කර තිබුණත් සිදුවීමේ වගකීම එකිනෙකා වෙත පැටවීමට උත්සහ කරන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ වතිකානුවේදී ප්‍රකාශ කර තිබේ.

කාදිනල් හිමිපාණන් ඉකුත් 20 වන දා වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමට පෙර රොයිටස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව තමා කලින් දැන සිටියා නම් සියලු දේවස්ථාන වසා බැතිමතුන් නිවෙස් කරා පිටත් කර යවන බව ය.

මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් ශ්‍රී ලංකා රජයේ වගකීම් විරහිත භාවය මින් පෙන්නුම් කරන බවත් උන්වහන්සේ රොයිටර් පුවත් සේවය සමග පවසා තිබේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ බුද්ධි අංශ ශ්‍රී ලංකා රජය දැනුවත් කර තිබූ බවත් අවාසනාවකට මෙරට රජය එය ගණන් නොගෙන නිද්‍රාශීලීව සිටි බවත් කාදිනල් හිමියන් EWTN මාධ්‍ය වෙත පවසා තිබේ.

උන්වහන්සේ අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා රජය මෙම ප්‍රහාරය පිළිබඳව කල් තියා දැනුවත්ව තිබුණු බැවින් බලධාරීන්ට අත පිහිදාගෙන ඉවත් විය නොහැකි බව ය.

Related Articles

කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා - අස්ගිර...
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...

READ MORE:  පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා