කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා – අගරදගුරු හිමිපාණන්

කිසිදු මුස්ලිම් පුරවැසියෙකුට එරෙහි නොවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
අගරදගුරු හිමිපාණන් මේ අදහස් පළ කළේ ඊයේ (20) රෝමයේ සංචාරයක් අතරතුර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අගරදගුරු හිමිපාණන් පාප් වහන්සේ බැහැ දැකීමට පෙර මෙසේ අදහස් පළ කළ බව ය.
“එක පුද්ගලයෙක් හිටියා, ඔහුගේ බිරිඳත් දරුවෝ තිදෙනාත් ජීවිතක්ෂටයට පත් වුණා මේ ප්‍රහාරයෙන්. මම ඔහුව හමුවෙන් ගියා. ඔහු මට කිව්වා, වෙනදාට වැඩ නිම කරලා ගෙදර එනකොට ළමයි මගේ ළඟට දුවගෙන එනවා නමුත් අද මුළු ගෙදරම පාළුවට ගිහින් කියලා. ඔහු දැන් තනි වෙලා. කතෝලික හා බෞද්ධ සියලු දෙනාගෙන්ම මම ඉල්ලීමක් කරනවා. කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා. මොකද ඉතා පැහැදිලියි සාමාන්‍ය මුස්ලිම් ජනතාවට මේ සම්බන්ධයෙන් කිසිවක් කරන්න දෙයක් නැහැ”
Related Articles
'පොහොට්ටුව' ලකුණ වෙනස් කරන්නේ නැහැ - වාසුදේව නානායක්කාර
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
"සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක
පාස්කු ප්‍රහාරය පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි-ජනපති
