කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා – අගරදගුරු හිමිපාණන්

කිසිදු මුස්ලිම් පුරවැසියෙකුට එරෙහි නොවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
අගරදගුරු හිමිපාණන් මේ අදහස් පළ කළේ ඊයේ (20) රෝමයේ සංචාරයක් අතරතුර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අගරදගුරු හිමිපාණන් පාප් වහන්සේ බැහැ දැකීමට පෙර මෙසේ අදහස් පළ කළ බව ය.
“එක පුද්ගලයෙක් හිටියා, ඔහුගේ බිරිඳත් දරුවෝ තිදෙනාත් ජීවිතක්ෂටයට පත් වුණා මේ ප්‍රහාරයෙන්. මම ඔහුව හමුවෙන් ගියා. ඔහු මට කිව්වා, වෙනදාට වැඩ නිම කරලා ගෙදර එනකොට ළමයි මගේ ළඟට දුවගෙන එනවා නමුත් අද මුළු ගෙදරම පාළුවට ගිහින් කියලා. ඔහු දැන් තනි වෙලා. කතෝලික හා බෞද්ධ සියලු දෙනාගෙන්ම මම ඉල්ලීමක් කරනවා. කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා. මොකද ඉතා පැහැදිලියි සාමාන්‍ය මුස්ලිම් ජනතාවට මේ සම්බන්ධයෙන් කිසිවක් කරන්න දෙයක් නැහැ”
Related Articles
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...
පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට
2015දී ණය ටි‍්‍රලියන 07යි... අද ටි‍්‍රලියන 13යි...
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා