මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්…

Local

මිය ගිය පුද්ගලයෙකුගේ මිහිදන් කර තිබූ සිරුරක් දින 28කට පසුව කිසිවෙකු විසින් සොරා ගෙන යෑමේ සිද්ධියක් අද පෙරවරුවේ ගලේවෙල පොසිල් බල ප්‍රදේශයේ නිකවැහැර පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා විය.

ගලේවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂා කර බැලීමේදී ගලේවෙල පල්ලෙවෙල ප්‍රදේශයේ මුස්ලිම් සුසාන භූමියක මීට දින 28කට පෙර මිහිදන් කළ අයෙකුගේ මළ සිරුරක් මෙසේ අතුරුදහන්ව තිබේ.

එම මළ සිරුර සොයා ගැනීම සඳහා මෑතකදී මිහිදන් කළ අවට තිබූ තවත් වළවල් 2ක් හාරා තිබෙන බව ද පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බැලීමේදී ගොඩගත් මළ සිරුර ඇළ පාරක් දිගේ මීටර් 200ක පමණ දුරකින් පිහිටි මුරුංගා වගා කර ඇති හේනක පස්වලින් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.

මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ ගලේවෙල පල්ලෙවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි හබීබි ලෙබ්බේ මන්සූර් නමැති 50 හැවිරිදි අයෙකුගේ මළ සිරුර බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මිය ගිය අයගේ ඥාතියෙකු කියා සිටියේ, උදෑසන තම ඥාතියා මිහිදන් කළ ස්ථානයේ වළක් හාරා ඇති බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂා කර බැලීමේදී එහි තැන්පත් කර තිබූ මළ සිරුර නොමැති බව දැක පොලීසියට දැනුම් දුන් බව ය.


READ MORE:  Japanese state minister of defence visits Lankan naval ship