20 – 20 වැඩිම කඩුලුලාභියා ලෙස ලසිත් මාලිංග වාර්තාගත වෙයි

Sports

Lasith Malinga T20 Highest Wicket Taker

පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩිගේ සතුව තිබූ 20 – 20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව ඊයේ (01) දින ලසිත් මාලිංග විසින් හිමිකරගනු ලැබුවා.

ඒ අෆ්රීඩිගේ සතුව තිබූ කඩුලු 98 පසුකරමින් කඩුලු 99ක් දවාගැනීමට ලසිත් මාලිංග සමත් වීමත් සමගයි.

නවසීලන්තයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී කොලින් ඩි‘ග්‍රැන්ඩ්හෝම් දවාගැනීමත් සමගම මාලිංග 99 වැනි කඩුල්ල දවාගත්තා.

20 – 20 අන්තර්ජාතික තරග වලදී කඩුලු 100ක් දවාගන්නා පළමු පන්දු යවන්නා වීම සඳහා මාලිංගට අවශ්‍ය වන්නේ තවත් එක කඩුල්ලක් පමණයි.

ඒ අනුව මේ වන විට ලෝක ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 – 20 යන ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු තරග රටාවන්හි වැඩිම කඩුලුලාභීන් බිහිව ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වීම ද විශේෂත්වයක්.

ඒ, ටෙස්ට් සහ එක්දින තරග අංශවල ද වැඩිම කඩුලුලාභියා ලෙස මුත්තයියා මුරලිදරන් පෙරමුණේ පසුවීම හේතුවෙනි.


READ MORE:  ශ්‍රී ලංකා - නවසීලන්ත තරගාවලියෙන් හතුරුසිංහ ඉවතට