මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා විසින් අද (15) ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයාට මේ බව දන්වා ඇති අතර එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ එළැඹෙන 21 දාට පෙර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසයි.
තවද රන්ජන් රාමනායක අමාත්‍යවරයා දැක්වූ අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවත් එම කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම ලිපියේ සඳහන්.

Related Articles
ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් - ගෝටා කියයි
හක්මීමන බැංකුවක කොල්ලයක්
සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා - අස්ගිර...
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට